Friday, October 30, 2020

උදැසනට සිතුවිලි





සියලු සත්වයෝ උදැසන අවදිවන්නේ තමන්ගේ සමීපතමයින් සමග දවස හොදින් ගත කිරීමේ ආසවෙනි.ඔවුන් සියලු දෙනාටම තම තමන්ට ආවේනික වු ප්‍රශ්න හා හීන පවතී.

අද අවදිවන සමහර පුද්ගලයින් හෙට උදැසන අවදි නොවන්නේ ඔවුන් අද මෙලොව හැර යන නිසාවෙනී.එම නිසා සමහර පුද්ගලයින්ගේ ජීවිතයේ අවසාන දවස අද වේ.ඔවුන් ඔවුන්ගේ සමීපතමයින්ගෙන් වෙන්වේ.

සියලු දෙනාම තම්න්ගේ සමීපතමයින් තමන්ගෙන් වෙන් වෙනවාට,ඔවුන්ට කරදර ඇතිවනවාට , ඔවුන් රෝගී වනවාට , ඔවුන්ට ප්‍රශ්න ඇති වනවාට , ඔවුන්ට අනතුරු ඇතිවනවාට කැමති නැත.මාද ඔබද ඇතුලුව සියලු දෙනා එසේය.

අපි සියලු දෙනා උදැසන මෙසේ සිතමු.

සියලු දෙනාම අද දින අනතුරු , කරදර , ලෙඩරෝග , ප්‍රශ්න , තුවාල , ගැටුම් වලින් වැලකේවා. !!! ඔවුන් ආරක්ෂා වේවා. !!!

මිනිසුන් හා සතුන් ඇතුලුව සියල්ලෝම තම තමන්ගේ ජීවිතයට ආදරේ කරති.තමා උපමා කොට කිසිවෙකුට වචනයකින් හෝ පීඩා නොකරමු.සියල්ලන්ටම කාරුනීක වෙමු.ගැටීම් වලින් වලකිමු.හැකි ලෙස උදව් කරමු.

Monday, October 26, 2015

පේරාදෙනියම ප්‍රේමයක්







ගිම්හාන ඝතුවට හිල්ඩාව සරසන්න.
විටෙක ඇවිදින් මා එක්ක දොඩමලු වෙන්න.
අලු පාට සැදැවක මල් පාරේ අතිනත ගන්න.
පෙම්බරිය නැ ලගක ගිහින් ඇත ගම රටට.

සෙමින් නලලත හාදුවක් මට දෙන්න.
හන්තාන සිසිලසට දෙතොල් මත තවරන්න.
තුහින පිනි මෙන් දිලෙන දෙකම්මුල් සිප ගන්න.
සුහදිනිය නැ ලගක ගිහින් ඇත ගම රටට.

රොබරොසි මල් පාට හුරුබුහුටි ඇගේ මුහුන.
නොදැක ගොස් ඇත දින මාස සති ගණන.
ස්නේහයෙන් ගුලි කරන් මුදු වදන් තෙපලන්න.
හැකි විගස මෙහි එන්න වසන්තය යලි රැගෙන. 💕