සියලු සත්වයෝ උදැසන අවදිවන්නේ තමන්ගේ සමීපතමයින් සමග දවස හොදින් ගත කිරීමේ ආසවෙනි.ඔවුන් සියලු දෙනාටම තම තමන්ට ආවේනික වු ප්‍රශ්න හා හීන පවතී.
අද අවදිවන සමහර පුද්ගලයින් හෙට උදැසන අවදි නොවන්නේ ඔවුන් අද මෙලොව හැර යන නිසාවෙනී.එම නිසා සමහර පුද්ගලයින්ගේ ජීවිතයේ අවසාන දවස අද වේ.ඔවුන් ඔවුන්ගේ සමීපතමයින්ගෙන් වෙන්වේ.
සියලු දෙනාම තම්න්ගේ සමීපතමයින් තමන්ගෙන් වෙන් වෙනවාට,ඔවුන්ට කරදර ඇතිවනවාට , ඔවුන් රෝගී වනවාට , ඔවුන්ට ප්‍රශ්න ඇති වනවාට , ඔවුන්ට අනතුරු ඇතිවනවාට කැමති නැත.මාද ඔබද ඇතුලුව සියලු දෙනා එසේය.
අපි සියලු දෙනා උදැසන මෙසේ සිතමු.
සියලු දෙනාම අද දින අනතුරු , කරදර , ලෙඩරෝග , ප්‍රශ්න , තුවාල , ගැටුම් වලින් වැලකේවා. !!! ඔවුන් ආරක්ෂා වේවා. !!!
මිනිසුන් හා සතුන් ඇතුලුව සියල්ලෝම තම තමන්ගේ ජීවිතයට ආදරේ කරති.තමා උපමා කොට කිසිවෙකුට වචනයකින් හෝ පීඩා නොකරමු.සියල්ලන්ටම කාරුනීක වෙමු.ගැටීම් වලින් වලකිමු.හැකි ලෙස උදව් කරමු.

No comments:
Post a Comment